Ultimate magazine theme for WordPress.

සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ස්ථාන 3කින් ඉදිරියට

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින්.

මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 13කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 32ක්.

ශ්‍රී ලංකාව තරග 9ක් පරාජයට පත්ව ඇති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇත්තේ තරග 15කදී ප්‍රසාද ලකුණු 95ක් හිමි කර ගනිමින්.

දකුණු අප්‍රිකාව එහි 11 වන ස්ථානයේ රැදී සිටිනවා.

ICC