Ultimate magazine theme for WordPress.

සුපර් ලීගයේ දී නිපන්දු තීරණය කිරීමේ බලය තෙවන විනිසුරුට

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ දී පන්දු යවන්නන් සීමා ඉර ඉක්මවා යාම තුළින් සනිටුහන් කරන නිපන්දු සංඥා කිරීමේ බලය තෙවන විනිසුරුට පවරා තිබෙනවා.

කෙසේ වෙතත්, අනෙකුත් නිපන්දු සංඥා කිරීමේ බලතල තවදුරටත් පිටියේ විනිසුරුවන් සතු වනු ඇති.

ඉදිරියේ දී 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ද නිපන්දු තීන්දු කිරීමේ බලතල තෙවන විනිසුරුට ලබා දී ඇති බව සදහන්.

මීට පෙර තරගාවලි කිහිපයකදීම ජගත් ක්‍රිකට් කවුන්සලය මෙම ක්‍රමවේදය අත්හදා බැලීමට කටයුතු කළා.

මේ අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ සීමිත පන්දුවාර තරගවලදී අවස්ථා දෙකක් සෑම ඉනිමකටම ලබා දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බැවින් සුපර් ලීග් තරගාවලියේ ආරම්භක තරගාවලිය වන එංගලන්ත – අයර්ලන්ත තරගාවලියේ දී එම අවස්ථාව කණ්ඩායම් දෙකටම හිමි වනවා.

කෙසේ වෙතත්, එය කොරෝනා වසංගතය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය තාවකාලිකව ගත් තීරණයක් වන බැවින් මාස 3කට වරක් පවතින තත්ත්වයන් අධ්‍යනය කර ඊට අදාළ සංශෝදන සිදු කිරීමට නියමිතයි.

මේ අතර, සුපර් ලීග් තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම නියමිත කාලයේ දී පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකරන අවස්ථාවන්වලදී අමතරව යවනු ලබන සෑම පන්දුවාරයකටම ඔවුන්ගේ ප්‍රසාද ලකුණුවලින් එක් ලකුණක් බැගින් කපා හැරීමට ද තීරණය කර තිබෙනවා.

Leave a comment