සුන්දර්ට IPL තරග දෙකක් අහිමි වෙයි

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට අවම වශයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඉදිරියේ දී සිය කණ්ඩායම ක්‍රීඩා කරන තරග දෙකක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු අතෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
ඊයේ(11) රාත්‍රියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී සුන්දර් පන්දුවාර 3ක් පමණක් යොමු කළ අතර, ආබාධය හේතුවෙන් ඔහුට සිය අවසන් පන්දුවාරය යොමු කිරීමට හැකි වූයේ නැහැ.
ඔහු යොමු කළ පන්දුවාර 3 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත්තේ ලකුණු 14 ක් පමණයි.
ආබාධයක් හේතුවෙන් 2021 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ ද දෙවැනි අදියර (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති) ක්‍රීඩා කිරීමට වොෂින්ටන් සුන්දර්ට නොහැකි වුණා.
එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය ද ඔහුට අහිමි වුණේ පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.