සුදු පන්දුවේ නිත්‍ය නායකත්වය අර්වින්ට

සිම්බාබ්වේ සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ක්‍රෙයිග් අර්වින් පත් කර තිබෙනවා.
ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් ශෝන් විලියම්ස් කටයුතු කිරීමට නියමිතයි.
ටෙස්ට්, එක්දින හා 20යි 20 යන තරග රටා ත්‍රිත්වයේම උප නායකයා ලෙස කටයුතු කරන්නේ Regis Chakabva.
නිමා වූ අයර්ලන්ත, ස්කොට්ලන්ත හා ශ්‍රී ලංකා තරග සංචාරවලදී ද සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ක්‍රෙයිග් අර්වින්.
මේ අතර, ලාන්ස් ක්ලූස්නර් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස යළි එක්ව තිබෙනවා.