Ultimate magazine theme for WordPress.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට හා ඇෆ්ඝනිස්තාන තරගාවලියට මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය‍ේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා හා ලබන මස මුල ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම මූලික සංචිතය සදහා කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම හා දුෂ්මන්ත චමීර ද ඇතුළත් කර ඇති බවයි.

පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත හා වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ද සංචිතය සදහා නම් කර තිබෙනවා.

කුසල් පෙරේරා උරහිසක සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව නිමා වූ නවසීලන්ත සංචාරයේ දී යළි ජාත්‍යන්තර පිටියට පිවිසි අතර, එම තරග සංචාරයේ 20යි 20 තරගාවලිය සදහා පමණක් ඔහු ක්‍රීඩා කළා.

චමීර පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයේ ද ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ලසිත් කෘෘස්පුල්ලේ, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ලක්ෂාන් සදකැන්, රමේෂ් මෙන්ඩිස් හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් ද සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

Squad for World Cup Qualifiers and Afghanistan Series:

Pathum Nissanka, Kusal Janith Perera (wk), Kusal Mendis (wk and Vice Captain), Angelo Mathews, Nuwanidu Fernando, Charith Asalanka, Dasun Shanaka (C), Dananjaya de Silva, Sadeera Samarawickrema (wk), Ashen Bandara, Avishka Fernando, Lasith Croospulle, Sahan Arachchige, Chamika Karunaratne, Wanindu Hasaranga, Dushan Hemantha, Dunith Wellalage, Lahiru Kumara, Dushmantha Chameera, Dilshan Madushanka, Kasun Rajitha, Matheesha Pathirana, Milan Ratnayake, Nuwan Thushara, Pramod Madushan, Asitha Fernando, Maheesh Theekshana, Lakshan Sandakan, Ramesh Mendis, Parveen Jayawickrema.