සී.පී.එල් කැළඹූ සීක්කුගේ ප්‍රසන්නගේ සුපිරි ඉනිම මෙන්න

0 62

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට බාර්බඩෝස් ට්‍රිඩෙන්ට්ස් සහ ගයනා ඇමසන් වොරියස් කණ්ඩායම් සමත් වී තිබෙනවා.

තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය පැවැත්වුණේ බාර්බඩෝස් කණ්ඩායම සහ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමත් සමගයි බාර්බඩෝස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

කෙසේ වෙතත්, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙම  තරගය පරාජයට පත් වුවද,  එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඔහු එහිදී අර්ධ ශතකයක් ද වාර්තා කරමින් ලකුණු 51කට දැවී ගියේ පන්දු 27කට පමණක් මුහුණ දෙමින්.

සීක්කුගේ ප්‍රසන්නගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

 

You might also like

Leave A Reply

Your email address will not be published.