Ultimate magazine theme for WordPress.

සිය නව කඩුලු සැමරුමේ රහස වනිදු හෙළි කරයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ දිනවල ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ද වැඩි අවදානයට ලක්ව තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මේ වන විට දක්වමින් සිටින දක්ෂතා හේතුවෙන්.

ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ද ඔහු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද කඩුලු 5ක් බිද හෙලා ඇති වනිදු හසරංගයි.

මෙවර තරගාවලියේ දී ඔහු විසින් කඩුලු සැමරුම් සිදු කිරීම නව ආකාරයකින් සිදු කරනු දක්නට ලැබුණා.

ඊට හේතුව වනිදු විසින් ඊයේ පැවැති තරගයෙන් පසුව තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ දී අනාවරණය කළා.

“මගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා නෙයිමාර්. මම කරන සැමරුම ඔහුගේ සැමරුමක්. මම ක්‍රීඩා කරන්න ගියාම කිසිම පීඩනයක් ගන්නේ නැහැ. ඒක නිසයි මම සාර්ථක වෙන්නේ කියලයි මට හිතෙන්නේ “ යනුවෙන් හසරංග සදහන් කළා.