Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවිත ගමනට සමු දෙයි

ADVERTISEMENT

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් ඔහුගේ බිරිද විසින් ඒ බව තහවුරු කළා.

49 වන වියේ පසු වූ හීත් ස්ට්‍රික් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවට මෙම වසර මුලදී අනාවරණය වී තිබූ අතර, ඔහු ඒ සදහා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.

සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. 2000 වසරේ සිට 2004 වසර දක්වා හීත් ස්ට්‍රික් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933 ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445 ක් දවා ගැනීමට ද සමත් වුණා.

2021 වසරේ දී දූෂන චෝදනා හේතුවෙන් හීත් ස්ට්‍රික්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් වසර 8 ක තහනමක් පනවනු ලැබුවා.

Leave a comment