සිම්බාබ්වේ හමුවේ ලකුණු 10කින් පැරදුණු බංග්ලාදේශය 20යි 20 තරගාවලියම පරදියි
Match Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (2) සමත් වුණා.
ඒ, තරගාවලියේ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 10 ක ජයක් වාර්තා කරමින්.
හරාරේ හි පැවැති තරගයේ කාසියේ වාසියේ දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
ඒ, ඔවුන්ගේ 6 වැනි කඩුල්ල ලකුණු 67 දී බිද වැටුණු පසුබිමකයි.
අනතුරුව Ryan Burl හා Luke Jongwe 7 වැනි කඩුල්ල සදහා පන්දු 31 කින් ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නැගුවා.
Burl ලකුණු 54 (28) ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් සමගින්. Jongwe ලකුණු 35(20) යි.
ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී Burl විසින් හයේ පහර 5ක් ද සමගින් ලකුණු 34ක් වාර්තා කිරීම කැපී පෙණුනා.(දර්ශන පහතින්)
පන්දු යැවීමේදී මහෙදි හසාන් හා හසාන් මහ්මුද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.
අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 39ක් ලබා ගත් අතර, මහ්මුදුල්ලාහ් ලකුණු 27කටත්, මහෙදි හසාන් ලකුණු 22කටත් දැවී ගියා.
පන්දු යැවීමේදී Victor Nyauchi ලකුණු 29කට කඩුලු 3 ක් බිද හෙලුවා.
— cric fun (@cric12222) August 2, 2022