දිවයිනට පැමිණි මොහොතේදීම සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරුට කොරෝනා

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ඩ් රාජ්පුත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
අද අලුයම දිවයිනට පැමිණීමෙන් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව අනාවරණය වී ඇත්තේ.
මේ හේතුවෙන් ඔහුව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව සදහන්.
සිම්බාබ්වේ කණ්ඩායමට සම්බන්ධ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 16, 18 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.