සිම්බාබ්වේ පරදා ඉන්දියාවට කඩුලු 10 ක පහසු ජයක්
Match Report

ශිකර් ධවාන් හා ෂුබ්මන් ගිල්ගේ ආරම්භක කඩුල්ලේ නොදැවුණු සබදතාවය හමුවේ ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක පරාජයක් අත්විදීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට අද(18) සිදු වුණා.
හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 190 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 30.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(192/0)
ධවාන් නොදැවී ලකුණු 81(113) ක් ද, ගිල් නොදැවී ලකුණු 82(72) ක් ද රැස් කරමින් ඉන්දියාවට පහසු ජයක් හිමි කර දුන්නා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළේ පන්දුවාර 40.3 ක් අවසානයේ දී යි.
නායක රෙජිස් චකබ්වා ලකුණු 35 ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු නම් දැරූ පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.
අංක 9 පිතිකරු වූ Brad Evans නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තා. අංක 10 පිතිකරු Richard Ngarava රැස් කළ ලකුණු සංඛ්‍යාව 34 ක්.
ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 70(65)ක්.
පන්දු යැවීමේ දී දීපක් චහාර්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා අක්සාර් පටෙල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.
— cric fun (@cric12222) August 19, 2022
Ishan Kishan during National Anthem, got annoyed by a Bee.#INDvZIM pic.twitter.com/e1RNct2xj1
— Shubham🇮🇳 (@LoyalCTFan) August 18, 2022