Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා

අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩිකාවන් මේ වන විට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

සෙසු සියලු ක්‍රීඩිකාවන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇත්තේ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි.

2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 23 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ආරම්භ වූ අතර, තරගාවලිය සැලසුම් කළ පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.