සිම්බාබ්වේ කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Dave Houghton පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ Lalchand Rajput වෙනුවටයි.
Lalchand Rajput ඉදිරියේ දී තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
Dave Houghton මීට පෙර ද සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම 1999 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට ද සමත් වුණා.
මේ වන විට 64 වන වියේ පසුවන Dave Houghton සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 22කට හා එක්දින තරග 63කට ද ක්‍රීඩා කර තිබුණා.