සෑම් කරන්ට 15%ක දඩයක්
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.
එම තරගයේ දී ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව විනය විරෝධී ලෙස එය සැමරූ බවටයි සෑම් කරන්ට චෝදනා එල්ල වූයේ.
දඩ මුදලට අමතරව සෑම් කරන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද නියම කිරීමට අයි.සී.සී ය කටයුතු කර තිබෙනවා.
සිදු කළ වරද හා ලබා දුන් දඩුවම සෑම් කරන් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
Here's the video pic.twitter.com/CyEtMwVAoG
— KaRuN (@KarunakarkarunN) February 1, 2023