Ultimate magazine theme for WordPress.

සාර්ථක ආරම්භයකින් පසු ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි

Lunch Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96 ක්.

නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 28යි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 50 ක් ලබා සිටියදීයි. පන්දු 70 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

ඕෂද අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකයයි. ඔහු දැවී ගියේ මොහමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

දිවා ආහාරයට තරගය නතර කිරීමට සුළු වේලාවක් ඉතිරිව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පසුව පන්දු යැවූ අගා සල්මාන්ගේ අතෙහි වැදුණු පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ තිබූ කඩුල්ලේ වැදීමෙනුයි එම අන්තයේ රැදී සිටි කුසල් මෙන්ඩිස්ට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට සිදු වුණේ.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්. ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවටයි ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවා තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම සදහා ද වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව අසාර් අලී හා ආබාධයකට ලක් වූ ශහීන් ශාහ් අෆ්රිඩි වෙනුවට ෆවඩ් අලාම් හා නවුමන් අලී කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.