Ultimate magazine theme for WordPress.

සාකීර්ගේ මංගල ශතකය පසෙකළා ඉන්දියාව ජයග්‍රහනයට ළගා වෙයි

Day 4 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(17) නිමා වුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය අවසන් වන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 513 ක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 272 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 241 ක් රැස් කළ යුතු අතර, ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා තවත් දවා ගත යුත්තේ කඩුලු 4 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ල සදහා නජ්මුල් හොසේන් හා සාකිර් හසාන් ලකුණු 124 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

නජ්මුල් ලකුණු 67 කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සාකීර් ලකුණු 100 ක් ලබා සිටියදී දැවී ගියා.

නායක ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 40 ක් ද, මෙහිදි හසාන් නොදැවී ලකුණු 9 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Chattogram හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 404 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස් කළා.

අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 2 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියදීයි. ෂුබ්මන් ගිල් ලකුණු 110 ක් හා චෙටස්වර් පුජාරා ලකුණු 102 ක් රැස් කරමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා.