ස්ටොක්ස් හා බට්ලර් වෙනුවට තෝමස් හා ලුවිස් රාජස්ථාන් පිලට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඔෂේන් තෝමස් හා එවින් ලුවිස් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක් වී තිබෙනවා.
ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.
බෙන් ස්ටොක්ස් හා ජොස් බට්ලර් වෙනුවට ඔවුන් ආදේශ කර ඇති බව සදහන්.
මේ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධය හේතුවෙන්.
ඔහු වෙනුවට ආකාශ් දීප් සංචිතයට ආදේශ කිරීමටයි RCB කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.