ස්ටුවට් බ්‍රෝඩ්ට ටෙස්ට් තරගාවලියම අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු පාදයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.
අද ලන්ඩන් නුවර දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි ඔහුට ටෙස්ට් තරගාවලියම ක්‍රීඩා කිරීමට නොහැකි වන බව අනාවරණය වී ඇත්තේ.
ඊයේ(10) සිදු කළ පුහුණුවීම් අතරතුර දී ස්ටුවට් බ්‍රෝඩ් මෙම ආබාධයට ගොදුරු වී තිබුණා.
ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සකීබ් මහ්මූද් එංගලන්ත සංචිතයට කැදවීමට ද පියවර ගැණුනා.