Ultimate magazine theme for WordPress.

ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය ස්ටොයිනිස්ට

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පසුගිය තරග වාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන්.

ස්ටොයිනිස් ස්ටාර්ස් කණ්ඩායම මෙහෙයවන 7 වැනි පූර්ණ කාලීන නායකයා ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

එළඹෙන බිග් බැෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය දෙසැම්බර් 15 වැනිදා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.