Ultimate magazine theme for WordPress.

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ඉල්ලා අස් වෙයි

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආයථනික වර්ගවාදය සම්බන්ධයෙන් සිදු කෙරුණු ස්වාධීන විමර්ශනයේ වාර්තාව හෙට (25) දිනයේ දී නිකුත් වීමට නියමිතව ඇති පසුබිමකයි.

“අපි සැවොම සැබවින්ම කණගාටු වෙනවා. ස්කොට්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී වර්ගවාදය හෝ වෙනත් ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමක් අත්විඳින සෑම කෙනෙකුගෙන්ම ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා” යනුවෙන් ක්‍රිකට් ආයතනයේ සියලු අධ්‍යක්ෂවරු සිය ධූරවලින් ඉල්ලා අස් වෙමින් සදහන් කර සිටියා.

වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ වාර්තාවේ අන්තර්ගතය තමන් මෙතෙක් දැක නොමැති බවයි.

ස්කොට්ලන්තයේ වැඩිම කඩුලුලාභියා වන Majid Haq විසින් 2021 වසරේ නොවැම්බර් මාසයේ දී Sky Sports ඔස්සේ ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ආයතනික වශයෙන් වර්ගවාදී බවට සිදු කෙරුණු චෝදනාවත් සමගයි ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කෙරුණේ.