සල්මාන්ගේ 134 හා රිස්වාන්ගේ 122* හමුවේ පාකිස්තානයෙන් ඉතිහාසගත හඹා යාමක්
Match Report

මොහමඩ් රිස්වාන් හා සල්මාන් ආගා අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු 260(229) ක වාර්තාගත සම්බන්ධතාවය හමුවේ පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා සුපිරි හඹා යාමක් සමග කඩුලු හයක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(12) සමත් වුණා.
කරච්චිහීදී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 353 ක දැවැන්ත ඉලක්කයක් පාකිස්තානයට හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසු කර ගියා. මෙය පාකිස්තානය එක්දින ඉතිහාසයේදී සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ඉනිමේ තුන්වැනි කඩුල්ල ලකුණු 91 දී බිද වැටුණු අතර, ඉන් අනතුරුවයි රිස්වාන් හා සල්මාන් අතර අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ. එම ලකුණු 260 ක සම්බන්ධතාවය දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා වූ හොදම සම්බන්ධතාවය ලෙසත්, ලකුණු හඹා යාමකදී වාර්තා වූ සිව්වැනි හොදම සම්බන්ධතාවය ලෙසත් වාර්තා අතරට එක් වුණා.
එමෙන්ම එය පාකිස්තානය වෙනුවෙන් වාර්තා වූ තෙවැනි ඉහළම ලකුණු සම්බන්ධතාවය වන අතර, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොදම ලකුණු සම්බන්ධතාවය ද වනවා.
රිස්වාන් නොදැවී ලකුණු 122 ක් රැස් කළේ පන්දු 128 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ සල්මාන් ආගා ලකුණු 134 ක් ලබා ගත්තා. පන්දු 103 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 16 ක් ඇතුළත් වුණා.
ආරම්භක පිතිකරුවන් වූ ෆකාර් සමාන් ලකුණු 41 කටත්, බාබර් අසාම් ලකුණු 23 කටත් දැවී ගිය අතර, සවුද් ශකීල් ලකුණු 15 යි. පන්දු යැවීමේදී වියාන් මෝල්ඩර් ලකුණු 79 කට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 352 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.
හෙන්රික් ක්ලාසන් පන්දු 56 කින් ලකුණු 87 ක් ද, Matthew Breetzke පන්දු 84 කින් ලකුණු 83 ක් ද, නායක ටෙම්බා බවුමා පන්දු 96 කින් ලකුණු 82 ක් ද රැස් කළා. Kyle Verreynne ලකුණු 44(32) යි.
පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 66 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර එළඹෙන 14 වැනිදා කරච්චිහීදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේදී බිහි වූ වාර්තා කිහිපයක් –
- Highest successful ODI run-chase for Pakistan
- Highest successful ODI run-chase for any team against South Africa
- Highest ODI total for Pakistan against South Africa
- Highest fourth-wicket partnership for Pakistan in ODIs
- Highest partnership for any wicket at the venue in ODIs
This kind of behaviour and that too against THE TEMBA BAVUMA?
What kind of shameless you guys are PCT?
pic.twitter.com/7RvsBRobCQ— TukTuk Academy (@TukTuk_Academy) February 12, 2025