සරේ ප්‍රාන්තයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයෙකුට ශිෂ්‍යත්වයක්

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩා විශේෂඥ පාසලක් සදහා ශිෂ්‍යත්වයක් ලද පුවතක් අපට වාර්තා වනවා.
මේ වන විට 13 වන වියේ පසුවන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිෂේන් වර්ණසූරිය නම් ක්‍රීඩකයාටයි එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විශේෂඥ පාසලක් සඳහා මෙලෙස පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ.
ඒ අනුව ක්‍රිෂේන් එම පාසලේදී අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා යොමු වනු ඇති.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන ක්‍රිෂේන් වමතින් දඟ පන්දු යවන ‘චයිනමන්’ පන්දු යවන්නෙකු වන අතර මුල් පෙළ හා මැද පෙළ පිතිකරණයේ යෙදිය හැකි සුවිශේෂී පිතිකරුවෙක්.
වයස අවුරුදු 7 දී ක්‍රීඩාව ඇරඹූ ඔහු 8 හැවිරිදි වියේ දී සිංහල ක්‍රීඩා සමාජයේ 11න් පහල කණ්ඩායමේ නායකත්වයටද පත් වුණා.
එතැන් පටන් ක්‍රීඩා සමාජ මට්ටමින් ඉහල ජයග්‍රහන ඔහු වාර්තා කළේ හොඳම පන්දු යවන්නා සම්මානය කිහිප වරක්ම දිනා ගනිමින්.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට ක්‍රීඩා කරන අතර වාරයේදීම මොරටුව චැම්ප් ක්‍රිකට් ඇකඩමිය සමඟ එක්වන ක්‍රිෂේන් ආරාධිත විදෙස් කණ්ඩායම් රැසක් සමඟද ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගත් ක්‍රීඩකයෙක්.
ක්‍රිෂේන් වර්ණසූරියට එංගලන්තයෙන් ලැබුණු මේ අවස්ථාව පිළිබද ඔහුගේ පියා ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ද අදහස් දක්වා සිටියා.
“ක්‍රිෂේන් ඉපදුණේ ලන්ඩනයේ. ඇත්තෙන්ම කියනවා නම් මේ අවස්ථාව කියන්නෙම ඔහු උපන් ගමට යනවා හා සමානයි” යනුවෙන් ඔහු සදහන් කළා.
“දිනුෂයි (ක්‍රිෂේන්ගේ මව) මමයි වැඩිමනක් බලාපොරොත්තු වුණේ ඔහු ලංකාවේ ඉඳන් මගේ පාසල වුණු ශාන්ත තෝමස් විද්‍යාලයට ක්‍රීඩා කරන එක. නමුත් මෙවැනි වටිනා අවස්ථාවක් ප්‍රතික්ෂේප කරන එක ක්‍රිෂේන්ගේ අනාගතයට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ ලැබුණු අවස්ථාව තවත් වටිනා අවස්ථා ගණනාවක් ඔහු වෙනුවෙන් නිර්මාණය කරන නිසා”
“අපේ ක්‍රිකට්වල ඇතිවූ බොහෝ ගැටලුකාරී තත්වයන් ක්‍රිකට් අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු බිඳවන සුලුයි. නිසි ක්‍රියාවලියක් අපිට නැතිවුණු නිසාම දක්ෂ ක්‍රීඩකයින්ට දොරවල් වැහුනා. බොහෝ පාසල් පවා පුරුදු වී සිටින්නේ තමන්ගේ වාර්ෂික මහා තරඟ කිට්ටු කරලා අඩු පහසුකම් තියෙන පාසල්වලින් හොඳ ක්රීඩකයින් ආනයනය කරලා කණ්ඩායම් හදන එක”
“ක්‍රිෂේන්ව මේ මට්ටම සඳහා ඔසවා තබන්න ඔහුගේ පාසල කළේ ලොකු සේවයක්. විශේෂයෙන්ම ගරු විදුහල්පතිතුමා සහ පාසලේ ගුරුවරු මතක් කළ යුතුමයි. ඒ වගේම ක්‍රීඩා සමාජය, එහි පුහුණුකරුවන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඔහුට දුන්නු මඟ පෙන්වීම ප්‍රශංසනීයයි. ක්‍රිෂේන් කවදාවත් ඔවුන්ව අමතක කරන්නේ නැහැ.”