සම්පා හා ෆර්ගසන් IPL තරගාවලියෙන් ඉවතට

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා. ඒ, ඔහු මුහුණ දී සිටින උරහිසක ආබාධයක් හේතුවෙන්.
සම්පා මෙවර තරගාවලියේදී සන්රයිසස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග දෙක සදහා ක්‍රීඩා කළ නමුත්, අනතුරුව පැවැති තරග 4 සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුගේ දකුණු උරහිසේ සිදු වූ ආබාධය හේතුවෙන් සම්පාට අහිමි වුණා.
පසුව ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
සම්පා වෙනුවට R Smaran සංචිතයට ආදේශ කිරීමටයි සන්රයිසස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
මේ අතර, පංජාබ් කිංග්ස් වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට ද මෙවර තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බව එම කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ජේම්ස් හෝප්ස් පවසනවා.
පසුගිය සෙනසුරාදා සන්රයිසස් කණ්ඩායම සමග පැවැති තරගය අතරතුරදීයි ෆර්ගසන් වම් පාදයේ ආබාධයකට මුහුණ දුන්නේ.