සම්පා ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කෙරේ

නවසීලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වලට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.
ආරෝන් ෆින්ච්ගේ නායකත්වයේ යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා පා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා නම් කර ඇති අතර, ටෙස්ට් නායක පැට් කමින්ස් එම තරගාවලි දෙකෙන් විවේක ගන්වා තිබෙනවා.
පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඇඩම් සම්පා නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක් වූයේ නැහැ.
ට්‍රැවිස් හෙඩ්ගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් එළඹෙන එක්දින තරගාවලි දෙක සදහා ඔහුව නම් නොකිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරයේ දී ආබාධවලට ලක් වූ ශෝන් ඇබෝට් හා ඇෂ්ටන් ඒගාර් ද සිම්බාබ්වේ හා නවසීලන්ත තරගාවලි වෙනුවෙන් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියා – සිම්බාබ්වේ තරග 3කින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 28 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ඔස්ට්‍රේලියා – නවසීලන්තය එක්දින තරගාවලිය සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
සංචිතය හා තරග කාලසටහන –
Australia ODI squad:
Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa
ODI Series v Zimbabwe
Aug 28: Riverway Stadium, Townsville
Aug 31: Riverway Stadium, Townsville
Sep 3: Riverway Stadium, Townsville
ODI Series v New Zealand
Sep 6: Cazaly Stadium, Cairns
Sep 8: Cazaly Stadium, Cairns
Sep 11: Cazaly Stadium, Cairns