සඳුන්ගෙන් වේගවත් ඉනිමක්; මුණවීරත් විශිෂ්ඨ පන්දු යැවීමක් සමග අනර්ඝ පිතිහරඹයක

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 තරගාවලිය යටතේ අද (01) පැවති තරගයකදී වේගවත් ඉනිම් දියත් කිරිමට ඩිල්ෂාන් මුණවීර හා සඳුන් වීරක්කොඩි සමත්වුණා.
තරගාවලියේ 11 වන තරගය ලෙසින් මෙම තරගය Biratnagar Warriors කණ්ඩායම හා Lalitpur Patriots කණ්ඩායම අතර පැවැත්වුණේ Kirtipur ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් Biratnagar Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Lalitpur Patriots කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි Lalitpur Patriots කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු පහක් දැවී ලකුණු 226 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත්වුණා.
Lalitpur Patriots කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ සඳුන් වීරක්කොඩි පන්දු 43 කදි වේගවත් ලකුණු 73 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 10 ක් ඇතුළත්.
Azmatulla Omarzai පන්දු 24 කදී නොදැවී ලකුණු 58යි.
පන්දු යැවීමේදී Karan KC කඩුලු 02 ක් බිඳ හෙලුවා. සෙසු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දී පන්දුවාර තුනක් තුළ ලකුණු 13කට එක් කඩුල්ලක් දවා ගැනීමට ඩිල්ෂාන් මුණවීර සමත් විම කැපී පෙනුණා.
ලකුණු 227 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Biratnagar Warriors කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 189 ක් පමණයි.
තරගාවලියේ සිය ප්‍රථම අර්ධ ශතකය ලබා ගත් ඩිල්ෂාන් මුණවීර පන්දු 39 කදී ලකුණු 59 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 5 ක් ඇතුළත්.
සිකන්දර් රාසා පන්දු 12 කදි ලකුණු 24 යි. චන්ද්‍රපෝල් හෙම්රාජ් පන්දු 13 කදී ලකුණු 28 ක් රැස්කළා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Azmatulla Omarzai කඩුලු 4 ක් බිඳ හෙලුවා.
ඒ අනුව මෙම තරගයෙන් Lalitpur Patriots කණ්ඩායමට ලකුණු 37 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිවුණා.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ Azmatulla Omarzai තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.