සනත් ජයසූරියගේ ක්‍රිකට් තහනම අවසන්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබූ ක්‍රිකට් තහනම අවසන් වී තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ඔහුට යළිත් ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වී කටයුතු කළ හැකි බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුම් දී ඇත්තේ.
පරීක්ෂණයක් සදහා පෞද්ගලික ජංගම දුරකතනය අයි.සී.සී බළධාරීන්ට භාර නොදීම හේතුවෙනුයි සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවුණේ.
තහනම අවසන් වූ බව පවසමින් සනත් ජයසූරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –