සචින් – සංගා ගැටෙන International Masters League තරගාවලියට දින නියම වෙයි

රටවල් හයක හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන International Masters League (IML) ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී පළමු තරග 4 පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කිරීම විශේෂත්වයක්. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සචින් තෙන්ඩුල්කාර් විසිනුයි.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකයා ලෙස බ්‍රයන් ලාරා කටයුතු කරනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශේන් වොට්සන් විසින් ද, එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන් විසින් ද මෙහෙයවනු ලබනවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ජැක් කලිස්.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර දැක් වූයේ මෙවන් අදහසක් – “Playing against the best once again in this format is special. Fans will get to see competitive cricket and relive some unforgettable moments.”
තරග කාලසටහන –
- 17-11-2024 Sun 7:30 PM Mumbai India v Sri Lanka
- 18-11-2024 Mon 7:30 PM Mumbai Australia v South Africa
- 19-11-2024 Tue 7:30 PM Mumbai Sri Lanka v England
- 20-11-2024 Wed 7:30 PM Mumbai West Indies v Australia
- 21-11-2024 Thu 7:30 PM Lucknow India v South Africa
- 23-11-2024 Sat 7:30 PM Lucknow South Africa v England
- 24-11-2024 Sun 7:30 PM Lucknow India v Australia
- 25-11-2024 Mon 7:30 PM Lucknow West Indies v Sri Lanka
- 26-11-2024 Tue 7:30 PM Lucknow England v Australia
- 27-11-2024 Wed 7:30 PM Lucknow West Indies v South Africa
- 28-11-2024 Thu 7:30 PM Raipur India v England
- 30-11-2024 Sat 7:30 PM Raipur Sri Lanka v England
- 01-12-2024 Sun 7:30 PM Raipur India v West Indies
- 02-12-2024 Mon 7:30 PM Raipur Sri Lanka v Australia
- 03-12-2024 Tue 7:30 PM Raipur West Indies v England
- 05-12-2024 Thu 7:30 PM Raipur Semi Final 1
- 06-12-2024 Fri 7:30 PM Raipur Semi Final 2
- 08-12-2024 Sun 7:30 PM Raipur Final