සංජු – ජුරෙල්ගේ 121 ක සම්බන්ධතාවය රාජස්ථානයට 8 වැනි ජයත් ගෙනෙයි
Match Report

සංජු සැම්සන්ගේ හා ද්‍රව් ජුරෙල්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.
මෙම ජයත් සමග මේ වන විට මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග 9න් තරග 8ක්ම ජය ගැනීමට සමත්ව සිටින රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 16 කට හිමිකම් කියමින්.
ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක සංජු සැම්සන් පන්දු 33 කින් නොදැවී ලකුණු 71 ක් ද, ද්‍රව් ජුරෙල් පන්දු 34 කින් නොදැවී ලකුණු 52 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. සැම්සන්ගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා.
ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ල සදහා පන්දු 62 කින් වාර්තා වූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 121 ක්.
පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නායක කේ එල් රාහුල් ලකුණු 76(48) ක් හා දීපක් හූදා ලකුණූ 50(31) ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්.
wpDataTable with provided ID not found!