සංගා CPL තරගාවලියටත්

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමේ නම බාර්බඩෝස් රෝයල්ස් ලෙස සංශෝදනය කර තිබෙනවා.
ඒ, එම කණ්ඩායමේ වැඩි හිමිකාරීත්වයක් Royals Sports Group (EM Sporting Holdings Ltd) වෙත නතු වීම හේතුවෙන්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ද එම සමූහයයි.
IPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින් CPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගත් තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මීට පෙර ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා ශාන්ත ලුසියා සෝක්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ද එලෙස IPL කණ්ඩායම් හිමිකරුවන් සතුවුණා.
බාර්බඩෝස් කණ්ඩායම 2014 හා 2019 වසරවලදී CPL ශුරතාවය දිනා ගත් අතර, 2021 වසරේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේසන් හෝල්ඩර්ට පැවරෙනු ඇති.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන කුමාර් සංගක්කාර බාර්බඩෝස් කණ්ඩායමේ ද වගකීම භාර ගැනීමට නියමිතයි.
මෙවර CPL තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.