සංගාගේ එම් සී සී කණ්ඩායමට කඩුලු 4ක ජයක්

0 267

එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ තරග 4කින් යුත් පාකිස්තාන තරග සංචාරයේ පළමු තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට එම් සී සී කණ්ඩායම සමත් වුණා.

ලාහෝර් කලැන්ඩර්ස් (LAHORE QALANDARS) කණ්ඩායමට එරෙහිව මෙම 20යි 20 තරගය පැවැත්වුණේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී යි.

එම් සී සී සමාජයේ සභාපති සහ කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ලාහෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එම් සී සී කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කුමාර් සංගක්කාර ලකුණු 25ක්, රවී බොපාරා ලකුණු 41ක් සහ සමිට් පටෙල් ලකුණු 31ක් ලබා ගනිමින් එම් සී සී ඉනිම ශක්තිමත් කළා.

මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මෙවර පාකිස්තාන සංචාරයේ සහභාගී වන දෙවන තරගය එක්දින තරගයක් ලෙස හෙට(16) Pakistan Shaheens කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.