සංගක්කාරගේ වාර්තාවක් ස්මිත් බිද දමයි
ටෙස්ට් ලකුණු 8,000 වාර්තා කළ ලොව වේගවත්ම (අවම ඉනිම් සංඛ්‍යාවකින්) පිතිකරුවා බවට පත් වීමට ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් අද(24) සමත් වුණා.
ඒ, පාකිස්තානය සමග ලාහෝර් හී දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදීයි.
මෙම වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට නම් ස්මිත්ට ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී ලබා ගත යුතු වූයේ ලකුණු 7ක් පමණයි.
ස්මිත් ලකුණු 8,000 සීමාවට ළගා වීමට ක්‍රීඩා කළ ඉනිම් ගණන 151ක්.
මීට පෙර අදාල වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 152කින් ලකුණු 8,000 වාර්තා කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයි.