ෂර්මා ශරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

0 125

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත් වී තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය සමග ලබන 21 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව සදහන්.

ෂර්මා අද(16) නවසීලන්තය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

ඔහු වෙලින්ටන් හී දී ඉන්දීය ටෙස්ට් සංචිතය හා එක් වනු ඇති.

රංජි කුසලාන තරගාවලියේ තරගයක දී ඉෂාන්ට් ෂර්මා සිය දකුණු පාදයේ ආබාධයකට ගොදුරු වූ අතර ඒ හේතුවෙන් ඔහුට නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පවා අහිමි වීමේ අවධානමක් පැවතුණා.

ඒ අනුවයි ඔහු ඊයේ(15) දිනයේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දුන්නේ.

You might also like

Leave A Reply

Your email address will not be published.