ෂර්මා තවමත් පළමු ටෙස්ට් තරගයට අවිනිශ්චිතයි

0 220

පාදයක ආබාධයකට ලක්ව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා එළඹෙන 15 වනදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් ඔහු පසුවන්නේ ද යන්න තීරණය කිරීම සදහායි.

බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කෙරුනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඊට පෙර ඉන්දීය කණ්ඩායම සහභාගී වන තෙදින පුහුණු තරගයක් හෙට (14) හැමිල්ටන් හී දී ආරම්භ වනවා.

ඉෂාන්ට් ෂර්මා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන්නේ නම් පමණක් ඔහු පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර වෙලින්ටන් නුවර බලා ළගා වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.