ෂර්මාට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර

ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මා එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යාතවයකින් පසුවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළා.
ඒ, සිය පාදයේ ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා සති තුනක පමණ කාලයක් ඔහු බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ සිදු කළ පුනරුත්තාපන කටයුතුවලින් අනතුරුවයි.
කෙසේ වෙතත්, ඔහුට පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන්නේ ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසුව රෝහිට් ෂර්මාට දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිදු වීම හේතුවෙන්.
ඔහු හෙට(13) දිනයේ දී මුම්බායි නුවරින් ඔස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිත බව සදහන්.
නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී යි රෝහිට් ෂර්මා මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වුණේ.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වනදා ඇඩිලේඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.