Ultimate magazine theme for WordPress.

ශොරිෆුල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට සැනසුම්දායක ජයක්

Match Report

ශොරිෆුල් ඉස්ලාම්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(11) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 56 ක් රැස් කළ අතර, හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 22 යි.

ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් හා ටයිජුල් ඉස්ලාම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 23.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලිටොන් දාස් නොදැවී ලකුණු 53 ක් ලබා ගත් අතර, ශකිබ් අල් හසාන් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.