Ultimate magazine theme for WordPress.

ශේන් බෝන්ඩ් නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස පත් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස හිටපු ක්‍රීඩක ශේන් බෝන්ඩ් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය වෙනුවෙන්.

ඒ අනුව 46 හැවිරිදි ඔහු ප්‍රධාන පුහුණුකරු Gary Stead, පිතිකරණ පුහුණුකරු ලුක් රොන්චි හා පන්දු යැවීමේ පුහුණුකරු Shane Jurgensen සමග එක්ව කටයුතු කරනු ඇති.

නවසීලන්ත A කණ්ඩායම, කාන්තා කණ්ඩායම, සිඩ්නි තන්ඩර් හා මුම්බායි ඉන්දියන්ස් වැනි කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙස ද ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

Leave a comment