ශ්රී ලංකා A නායකත්වය කමිදුට ; 4ක් සංචිතයට එද්දී 7ක් ඉවතට

පාකිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා A සංචිතයට තවත් ක්රීඩකයින් සිව් දෙනෙකු කැදවා තිබෙනවා.
කමිදු මෙන්ඩිස් ද එලෙස සංචිතයට කැදවා ඇති අතර, ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
සංචිතයට කැදවූ සෙසු ක්රීඩකයින් තිදෙනා වන්නේ අශේන් බණ්ඩාර, පුලින තරංග හා ශිරාන් ප්රනාන්දු යන අයයි.
මේ අතර, පාකිස්තාන A කණ්ඩායම සමග පැවැති සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කර සිටි ඕෂද ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්රනාන්දු, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් හා චාමික ගුණසේකර සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(10) දඹුල්ල ක්රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.