ශ්රී ලංකා A කණ්ඩායමේ වගකීම රුමේෂ් රත්නායකට

ශ්රී ලංකා A කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා.
පාකිස්තාන A කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.
ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු, වේග පන්දු පුහුණුකරු ඇතුළු ධූර කිහිපයකම කටයුතු කළ ඒ මහතා ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 23කට හා එක්දින තරග 70කට ක්රීඩා කර තිබුණා.
පාකිස්තාන A කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ දී ශ්රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.