ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ වෙනස්කම් 4ක්

ලබන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 4 සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
තරගාවලිය සදහා සහභාගී වීමට මේ වන විට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් පුළුල් සංචිතයක් ඕමානයේ රැදී සිටිනවා.
පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ රැදී සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා.
එමෙන්ම මේ වන විට නුවන් ප්‍රදීප් ද ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුට ද ලෝක කුසලාන තරගාවලිය අහිමි වන බවයි වාර්තා වුණේ.
මෙවර ලෝක කුසලානය සදහා තරග කරන සියලු කණ්ඩායම් විසින් සිය අවසන් සංචිත අද(10) දිනය වන විට ප්‍රකාශයට පත් කර අවසන් කළ යුතුයි.
ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා අවසන් සංචිතයට පැතුම් නිස්සංක, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු හා අකිල ධනංජය කැදවීමට ඉඩ ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත්, අකිල ධනංජය නම් නොකර, මෙතෙක් 20යි 20 වරම් දිනා නොමැති පුලින තරංග සංචිතයට කැදවීම සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සදහන්.
නමුත්, අකිල ධනංජය අත්දැකීම් සහිත ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු බැවින් ඔහුට අවසන් සංචිතයේ ස්ථානයක් වෙන් වීමට වැඩි අවස්ථාවක් පවතිනවා.
අකිල හෝ පුලින සංචිතයට නම් කළහොත්, ඒ වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම සංචිතයෙන් ඉවත් කෙරෙනු ඇති.
ආබාධවලට ලක්ව ඇති නුවන් ප්‍රදීප් හා ළහිරු මදුෂංක වෙනුවටයි ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු සංචිතයට කැදවීමට නියමිතව ඇත්තේ.
පැතුම් නිස්සංක සංචිතයට කැදවනු ලැබුවහොත් ධනංජය ද සිල්වාට හෝ කමිදු මෙන්ඩිස්ට සංචිතයේ ස්ථානය අහිමි වීමට ඉඩ තිබෙනවා.
නම් කළ හැකි බවට සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇති සංචිතය:
Dasun Shanaka (C), Kusal Janith Perera, Pathum Nissanka, Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksa, Charith Asalanka, Wanindu Hasaranga, Kamindu Mendis/Dhananjaya de Silva, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando, Akila Dananjaya/Pulina Tharanga
ලෝක කුසලාන තරගාවලියට මීට පෙර නම් කළ ප්‍රධාන සංචිතය : දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ, ළහිරු මදුෂංක
සංචිතයට ඇතුළත් කළ අතිරේක ක්‍රීඩකයින් : ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.
අමතර ක්‍රීඩකයින් : මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.