ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාව සංශෝදනය කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව තරගාවලියේ සියලු තරග එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිතයි.
මීට පෙර තරගාවලියේ තරග පස්වරු 2.30ට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.
ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේ තරග තුනම මෙරට වේලාවට අනුව පස්වරු 12.30ට ආරම්භ කරනු ඇති.
පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.
දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(16) දිනයේ දී බංග්ලාදේශයට ළගා වුණා.
ඔවුන් මේ වන විට දින තුනක කාලයක් නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර, ඉන් අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇති.
ලබන 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.