Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොරෝනා

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදීයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව එංගලන්ත එක්දින කණ්ඩායමට සම්බන්ධ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු සාමාජිකයින් 7 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබූ අතර, ඒ හේතුවෙන් එංගලන්ත එක්දින සංචිතයේ සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා.

එම නිසා පාකිස්තානය සමග අද(8) ආරම්භ වූ එක්දින තරගාවලිය වෙනුවෙන් නව සංචිතයක් නම් කිරීමට ද එරට ක්‍රිකට් බළධාරීන්ට සිදු වුණා.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

Leave a comment
x