ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වූ ෆ්ලවර්ට අලුත් වගකීමක්

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කර තිබෙනවා.
ඒ එම ධූරයෙන් ඉවත් වූ Jason Swift වෙනුවටයි.
ග්‍රාන්ට් ෆ්ලවර් අවසන් වරට සේවය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි.
2021 වසර අවසානය දක්වා වසර දෙකක කාලයක් ඔහු එම ධූරයේ කටයුතු කළ අතර, ඊට පෙර ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තානයේ හා සිම්බාබ්වේහි ජාතික කණ්ඩායම්වල ද පුහුණු කාර්යය මණ්ඩලයේ කටයුතු කළා.