ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා වෙයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(30)
දිනය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබා සිටි ශ්රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 204කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 73ක් රැස් කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 42ක් ලබා ගත්තා. ඕෂද ප්රනාන්දු ලකුණු 18යි.
මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කළ චරිත් අසලංකගේ ඉනිම ලකුණු 10කට සීමා වුණා.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12ක් ලබා සිටියදී වේගවත් ලකුණක් කරා දිව යාමට ගත් උත්සාහයකදී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.
කෙසේ වෙතත්, ඉනිමේ 8 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව ආබාධය ද සහිතය යළි පිටියට පිවිසි ඔහු ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේ දී වීරසමී පෙර්මුවෙල් (Veerasammy Permaul) ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා.