ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ විස්තර විචාරක කමිටුව නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(20) නිවේදනය කළා.
ඒ අනුව රොෂාන් අබේසිංහ, ෆර්විස් මහරූෆ් හා ජෙහාන් මුබාරක් යන මහත්වරුන් ද විස්තර විචාරකයින් ලෙස මෙම තරගාවලියට එක් වීමට නියමිතයි.
රසල් ආනල්ඩ් මහතා මෙම තරගාවලිය සදහා විස්තර විචාරයෙන් එක් වන්නේ නැහැ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව –
- Aamir Sohail
- Roshan Abeysinghe
- Farveez Maharoof
- Jehan Mubarak – 01st Test Match
- H. D Ackerman – 2nd Test Match
- Fazeer Mohammed