ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද සිට නේවාසික පුහුණු කදවුරක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සදහා නේවාසික පුහුණු කදවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (9) දිනයේ සිට එම පුහුණු කදවුර කොළඹ P සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
එළඹෙන තරගාවලි හා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම කදවුර සංවිධාන කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ජාතික කණ්ඩායමේ හා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙම කදවුරට එක් වන අතර, එය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වෙනු ඇති.
ක්‍රීඩිකාවන් අතර පුහුණු තරග ද සංවිධාන කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පුහුණු කදවුරට එක්වන ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න, වේග පන්දු පුහුණුකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර, පන්දු රැකීමේ පුහුණුකරු ලංකා ද සිල්වා හා දග පන්දු පුහුණුකරු දිනුක් හෙට්ටිආරච්චි යන අය පුහුණු කදවුරේ මෙහෙයවීම සිදු කරනු ඇති.