ඔස්ට්‍රේලියාව සමග තරග 15ක් ; ශ්‍රී ලංකාවේ 2022 තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 වසරට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(5) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව අප මීට පෙර ද වාර්තා කළ පරිදි 2022 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියෙන්.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු, ඉන්දියානු හා බංග්ලාදේශ තරග සංචාරවල නිරත වීමට නියමිතයි.
ජූනි – ජූලි මාසවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති අතර, අනතුරුව පාකිස්තානය ද ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ද මෙරට දී පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේ.
වසර අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක යළි නිරත වීමට නියමිතව ඇතත්, එහිදී පැවැත්වෙන තරග සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ජාත්‍යන්තර තරග කාලසටහන –
- Zimbabwe Tour of Sri Lanka : 03 ODIs : January 2022
- Sri Lanka Tour of Australia : 05 T20Is : January – February 2022
- Sri Lanka Tour of India : 03 T20Is and 02 Test Matches : February – March 2022
- Sri Lanka Tour of Bangladesh : 02 Test Matches : May 2022
- Australia Tour of Sri Lanka : 03 T20Is / 05 ODIs / 2 Tests Matches : June – July 2022
- Pakistan Tour of Sri Lanka : 03 ODIs and 02 Test Matches : July – August 2022
- ACC Asia Cup in Sri Lanka (T20I) : August – September 2022
- ICC Men’s T20 World Cup in Australia : October – November 2022
- Sri Lanka Tour of India : December 2022 to January 2023