ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමට තරගාවලි පරාජයක්

0 56

ශ‍්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ “ඒ” කණ්ඩායම සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති තෙවැනි තරගයෙන් බංග්ලාදේශ ඒ කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 98කින් ජය ගැනීමත් සමගයි.

කොළම ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

Saif Hassan ලකුණු 117යි.

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 4ක් අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 130ක් ලබා සිටියදී තරගයට අයපහත් කාළගුණයෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා රැස් කර ගෙන සිටිය යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 229ක්.

තරගාවලිය පුරාවට සාර්ථක වූ කමිදු මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළා.

You might also like

Leave A Reply

Your email address will not be published.