Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගයට කාන්තා විනිසුරුවරියක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද(23) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන විනිසුරු මඩුල්ලට කාන්තා විනිසුරුවරියක් වන Sue Redfern නම් කර තිබෙනවා.

ඇය තරගයේ සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව එංගලන්ත පිරිමි කණ්ඩායම සිය රටේ දී ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයකදී විනිසුරු රාජකාරියේ නිරත වන පළමු කාන්තාව ලෙසයි ඇය ඉතිහාසගත වන්නේ.

මෙම තරගයේ සිව්වැනි විනිසුරු ලෙස Alex Wharf මීට පෙර නම් කර තිබූ නමුත්, ඔහුට ඒ සදහා එක්වීමට අවස්ථාව නොලැබී ඇත්තේ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය 6 වැනි දිනය සදහාත් අද පැවැත්වීමට සිදුව තිබීම හේතුවෙන්.

එම අවසන් තරගයේ සිව්වන විනිසුරු වන්නේ Alex Wharf.

Leave a comment
x