ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අර්බුදයක; තරග තීරකට කොරෝනා; 7ක් හුදෙකලා කෙරේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති 20යි 20 තරගාවලියේ දී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ Phil Whitticase ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු දින 10ක කාලයක් ස්වයං හුදෙකලා කිරීමට (self-isolation) ලක් කර ඇති බවයි.
20යි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස එංගලන්තය ජයගත් අතර, එක්දින තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
තරග නිළධාරීන් හා දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් 7 දෙනෙකු තරග තීරකවරයාගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ද දින 10ක කාලයක්, එනම් ජූලි 7 වනදා තෙක් ස්වයං හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, මින් කණ්ඩායම් දෙකේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් එල්ල වී නැහැ.
පළමු එක්දින තරගය නියමිත පරිදි පැවැත්වීම සදහා අවශ්‍ය විකල්ප විධිවිධාන යොදන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.