ශ්‍රී ලංකාව 4-0ක් ලෙස පෙරමුණ ගනියි
Match Report

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(23) සමත් වුණා.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 224 ක් රැස් කළා.
SM Meherob හා Ariful Islam පිළිවෙලින් ලකුණු 52ක් හා 50ක් රැස් කළා.
පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(225/9)
රවීන් ද සිල්වා ලකුණු 88ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.
පන්දු යැවිමේ දී Mushfik Hasan කඩුලු 3ක් බිද හෙලුවා.
ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0ක් ලෙස පෙරමුණ ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.